Rate this Entry

Blog?

Submit "Blog?" to Digg Submit "Blog?" to del.icio.us Submit "Blog?" to StumbleUpon Submit "Blog?" to Google
Posted 03-13-2009 at 04:56 PM by Common Krait
Tags blog, web

blog kiyanne mokakda kiyala kawruhari kiyala denna. meke api mokada karanne? meke prayojana monawada?
i'm serious ahanne.
Posted in Personal
Views 418 Comments 2 Edit Tags Email Blog Entry
« Prev     Main     Next »
Total Comments 2

Comments

  1. Old Comment
    Gamaya's Avatar
    බ්ලොග් එකක් කියන්නෙත් ඇත්තටම ගත්තම වෙබ් අඩවියක් තමයි. හැබැයි සාමාන්යෙන් අපි ඔයාලා දන්න වෙබ් අඩවියකට වඩා සැකැස්මෙන් , අන්තර්ගතයෙන්, අරමුණෙන් සහ තව නොයෙක් කාරණා වලින් බ්ලොග් අඩවියක් වෙන් කරල අඳුර ගන්න පුලුවනි.web + log යන පද එක් වීමෙන් තමයි මේ පදය නිර්මාණය වුණේ. වෙබ්ලොග්, ඒ කියන්නේ ජාලයේ ලියන ලොග් සටහන්. පසුව වෙබ් කියල පදයෙ මුල කොටස හැලී ගොස් blog හෙවත් බ්ලොග් බවට පත් වුණා. මේ ලොග් සටහන් පළ වෙන්නේ කාලානුක්රමික පිළිවෙලකට. අලුත් ම සටහන් ඉහළින් ම තියෙනවා. ඒ වගේ ම rss feed මගින් පාඨකයින් සමග වේගවත් සම්බන්ධයක් පවත්වාගන්නත් බ්ලොග්වලට පුලුවන්. බ්ලොග් අලුත් දෙයක් පළ කළ මොහොතේ ම පාඨකයින්ට ඒ බව දැනගත හැකි යි.

    බ්ලොග් එකක් බැලූ බැල්මට දින පොතක් වගෙයි. ගොඩක් අය ජීවිතේ එක පාරක් හරි පෞද්ගලික දින පොතක් ලියල ඇතිනෙ. බ්ලොග් අඩවියක් කියන්නෙ අන්තර්ජාලයේ පලවන දින පොතක් කියල කියන්නත් පුලුවනි එහෙම බලන කොට. හැබැයි ඉතින් ඊට වඩා පුලුල් කාර්ය භාරයක් බ්ලොග් අඩවි වලට තියෙනව.

    දින පොතකයි බ්ලොග් එකකයි වෙනස් කමක් තියෙනවද?

    උත්තරය ඔව්. සාමාන්යෙන් දින පොතක් කියන්නෙ ලියන කෙනාටම සීමාවුණු පෞද්ගලික දෙයක්නෙ. ඒ වුනාට බ්ලොග් අඩවියක් කියන්නෙ අන්තර්ජාලය හරහා ලෝකය පුරා විසිරිලා ඉන්න ඕනෑම කෙනෙකුට කියවල බලන්න පුලුවන්න දෙයක්. එතකොට ඒක තමන්ගෙ අදහස් අනිත් උදවිය සමඟ බෙදාගන්න අවස්ථාව ලැබෙනව. වැදගත්ම කාරණාව වෙන්නෙ බ්ලොග් එකක පල කරන්නෙ ලියන (textual) දේවල් විතරක්ම නෙවෙයි. වීඩියෝ, ඡායාරූප සහ සංගීතමය බ්ලොග් අඩවි පවා තියෙනව.
    permalink
    Posted 03-16-2009 at 10:17 AM by Gamaya Gamaya is offline
    Updated 03-16-2009 at 10:20 AM by Gamaya
  2. Old Comment
    [SIZE="4"]ගොඩක් ස්තූතියි මචෝ කියලා දූන්නට.ඒ විස්තර ගොඩක් වැදගත් blog ගැන කෙනෙක්ට මුල ඉඳන්ම දැනගන්න.උඹට පුලුවන්නම් තවත් මේ ගැන
    විස්තර පලකරන්න.[/SIZE]
    :ranger:
    permalink
    Posted 03-17-2009 at 09:47 AM by Common Krait Common Krait is offline
 

All times are GMT +5.5. The time now is 07:05 AM.